චන්දිමාල්ගෙන් ක්‍රිකට් බලධාරීන්ට ලිපියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා හා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බළධාරීන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.
“මගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කිරීමට මා කැමතියි. මෙය මාගේ වෘත්තිය බැවින් මෙම අවස්ථාවේ දී මාගේ අනාගතය සඳහා නිවැරැදිම තීරණය ගැනීම මට ඉතා වැදගත් වේ.” යනුවෙන් චන්දිමාල් පෙන්වා දී තිබේ..
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තමන් මෙතෙක් දක්වා ඇති දක්ෂතා පිළිබදව ද මෙම ලිපියෙන් දිනේෂ් චන්දිමාල් සිහිපත් කිරීමක් සිදු කර ඇති අතර, හිටපු ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකුගේ දක්ෂතා වයස අවුරුදු 30න් පසුව වර්ධනය වී ඇති අයුරු ද ඔහු පෙන්වා දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
