කොළඹ කුණු ඇද්ද පමණින් ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නායකයා කරගත නොහැකි බවත් ඔහු ජනපති අපේක්ෂකයාවිම පිළිබඳව කිසිම බියක් නොමැති බවත් වාරිමාර්ග හා ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්අමාත්යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් අපිට කිසිම බියක් ඇත්තේ නෑ. එතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස යම් වැඩ කොටසක් කළා. එතුමාගේ සහෝදරයා ජනාධිපති වීම මත රැකවරණයක් ලැබුණා. ආරක්ෂාව ලැබුණා.වෙන කෙනෙකුට වඩා තමන්ගේ තනතුර බිය නැතිව කරන්න හයිය ලැබුණා එකම පවුලේ නිසා.ඒ දේ කරපු පළියට රටේ ජනාධිපතිකමට සුදුසුයි කියනවා නම් ඒක බොහොම වැරදි කතාවක්.
එතුමා සිවිල් ආරක්ෂක බළකාය යොදවා කොළඹ පිරිසුදුව තියාගත්තා කියලා කියනවා.හැබැයි අපේ ආණ්ඩු කාලේ අපි කිව්වා ත්‍රිවිධ හමුදාව ගන්නෙ නෑ අපි කුණු අදින්න කියලා. අපිත් කුණු අදින්න සිවිල් ආරක්ෂක බළකාය ගත්තා නම් අපිටත් ඒ වගේම පිරිසුදුවට තියාගන්න පුලුවන්.කුණු ඇද්ද පළියට රටේ රාජ්‍ය නායකයා කර ගන්න බෑ."
එප්පාවල තිසර සමල්
