හම්බන්තොට මැදමුලන පිහිටි ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදු වූ බවට වන රජයේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට සැප්තැම්බර් මස 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20දා) සිතාසි නිකුත් කර තිබේ.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එම වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අධිකරණයට දන්වා සිටියේය.
එහිදී ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනීම සඳහා නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ අනුව එම සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස සිතාසි නිකුත් කර තිබේ.
