ගෝඨාට එරෙහි ඇමෙරිකානු නඩුව ගැන GL කියයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු ගොනු කළ පමණින් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනිමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කොළඹදී අද (08දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“පුරවැසිභාවය අත හරින්න හදන විට බලහත්කාරයෙන් තියාගන්නේ මොන රටද. ඔහු පුරවැසිභාවය අස්කර ගන්න තිරණය කරනවා නම් බලකරලා පුරවැසිභාවයේ තියාගන්නේ මොන රටද .
කොයි විදියේ නඩුවක්ද, ඒකට හරයක් තියෙනවාද.මොන චේතනාවෙන්ද නඩු පවරන්නේ කියලා බලන්න වෙනවා. නඩුවක් දාපු පමණින් පුරවැසිභාවය ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ සම්ප්රදායක් ලෝකේ නැහැ. මේක පළිගැනිමක්
සිතාසියක් නිකුත් කරද්දි මොන සිද්ධියක් සම්බන්ධයෙන්ද සිතාසියක් ඉදිරිපත් කරන්නේ කියලා හිතනවා. අද ඊයේ සිදුවුන දෙයක් නම් එහෙම සිතාසියක් නිකුත් කරන්න පුලුවන්. අවුරුදු 10ට පමණ පෙර වුණ දෙයක් සම්බන්ධයෙන් මේ විදියට වෙන්නේ ඇයි. අධිකරණය කූඨ අරමුණ ඉටු කරගන්න ඉඩ සලසන්නේ නැහැ.
ශ්‍රී ලංකා ආන්ඩුක්රම ව්යවසථාවට අනුව අධීකරණ බලය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ අධීකරණයයි. අධිකරණ පද්ධතිය වැරදි අරමුණට යොදා ගනී නම් ඒ නඩුව පැවරීමේ ක්‍රියාවත් සාපරාධි ක්‍රියාවක්. මේ කරන පුද්ගලයින්ට විරුද්ධව යම් යම් නිතිමය ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියෙනවා."

popular news
-
Koralage Monday, 08 April 2019 05:50 PM
ඔබතුම නීති විශාරද කෙනෙක් වෙලත් අයි නිකමටවත් කිව්වේ නැත්තේ සිරිසේන ජනාධිපති තුමාට අර පහු ගිය කාලේ අලුත් කැබිනෙට් එකක් පත් කරපු එක හිනායන වැරදි වැඩක් කියල. ඔබතුමා මහින්ද මහත්තය පීචන් වෙන හැටි බලන් සතුටු වුනාද? බලමුකෝ මේ නඩු ගැනත් ඔබ කියන දේ හරිද කියල .
Reply : 0 0
chathuri Monday, 08 April 2019 06:28 PM
මෙයා දන්නේ. නිතිය. ,අපේ රටේ නීතියට. වැඩ කරනවානම් බය්යෝ. ,කම්බා හොරු ,මිනීමරුවෝ. නිදැල්ලේ ඉන්නේ. කොහොමද . ගෝටා පුරවැසි බාවය තියාගෙන. මිනිමරුවේ , දුප්පත්. රටේ වැසියන් දැන්. ඊට වැඩිය. දරුණු. අපරාද. කරන්න. ජනාදිපති. කමෙන්. එන්න. යනවා පුරවැසි බාවය අයින්. කෙරුවත්. නැතත්. මාද්‍ය වේදීන් මරපු. ඒවාට. වන්දි ගෙවල. දුවට. මිලියන. ගණනක් පියා වෙනුවෙන්. ගන්න. පුළුවන් මේ නඩුවෙන් දුව දිනන වාමයි ඇමරිකාවේ නඩු අහන්නේ. මුදලට. .,බලයට නොවේ ,නීතියට එහෙම. වුනොත් අපේරටේ බලවත් උදවිය එල්ලානේ ඇමරිකාවේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

