ගෝඨාගේ ජනපති අපේක්ෂකකම ගැන JO විවිධ මත
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතුද, නැද්ද යන්න සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරේ විවිධ මත තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (11දා) පැවසීය.
එම මතවාද ඉදිරිපත් කරන සියලු දෙනා අවසානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය පිළිගැනීමට සූදානම් බවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා තවත් දින 489ක් තිබෙන බැවින් එම තීරණය ගැනීමට ඕනෑතරම් කාලය තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන අත්දැකීම් නොමැති බවට ඇතැම් පුද්ගලයන් සඳහන් කළද, ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක, ප්‍රංශයේ වර්තමාන ජනාධිපතිවරයා එම තනතුරුවලට පත්වූයේ නගර සභාවක් හෝ නියෝජනය නොකර බවද හෙතෙම පැවසීය.
එහෙත් වසර 40ක දේශපාලන අත්දැකීම් ඇති වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය විනාශ කර තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
තමාගේ ජීවිත කාලය තුළ හමු වූ මිත්‍රයන් අතරින් අභියෝගයන්ට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා හැඳින්විය හැකි බවද ඒ මහතා පැවසීය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ විය.

popular news
-
silva Thursday, 12 July 2018 08:03 AM
අභියෝගයන්ට ආදරය කරන පුද්ගලයෙකු... ලොල් වී ඩෝන්ට් නො වයි ලසනත වික්‍රමතුංග ඩයි..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

