ගුවන් යානයක් නිසා ක්ෂණයකින් අසරණ වූ ගමක්
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සඳහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක්, හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා එම ගුවන් මාර්ගයේ තිබූ තම නිවාස සහ දේපොළ විශාල ලෙස හානියට පත් වූ බව මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කනිෂ්ක සරත්චන්ද්‍ර මහතා පැවසීය.
මෙම සිදුවීමෙන් විශාලතම හානිය සිදු වී තිබෙන්නේ තමන්ට බව කනිෂ්ක සරත්චන්ද්‍ර මහතා පැවසීය. මෙම සුළගින් ඔහුගේ නිවස පමණක් නොව ඔහු එදිනෙදා වියදම් පිරිමසා ගන්නා අක්කර දෙකක පොල් වගාව ඇතුළු අනෙකුත් වගාවන් ද විනාශයට පත් වී තිබේ.
"එදා 07/05 දින වෙලාව සවස 05.30 ත් 05.50 ත් අතර තිබුණ . මම පස් හැවිරිදි පුතා සහ දෙහැවිරිදි දුව සමග ගෙදර ඉස්තෝප්පුවේ සෙල්ලම් කරමින් සිටියා. ඒ වෙළාවෙ අපේ මාමා කෙනෙකුත් එතැනට ආවා. පොඩි වැහි පොදයකුත් ඒ වෙලාවෙ තිබුණා. අපේ ගෙදර ඉහළින් තමයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා ගමන් කරන්නෙ.
මම උපන් දා සිට මේ ගමේ පදිංචිව ඉන්නවා . ඒත් ගුවන් යානයකින් අපේ ප්‍රදේශයේ ගහක කොළයකට වත් හානියක් වෙලා නැහැ. ඉතිං අපි ඉස්තෝප්පුවේ ඉන්නකොට මම දැක්කා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ගුවන් යානයක් එනවා. එහි විශේෂත්වයක් තිබුණා. ඒක දෙපැත්තට පැද්දෙමින් ආවෙ.
මම මාමට කිව්වා , " මාමෙ මේක නම් කඩා වැටෙයි ද " කියලා. ඒ ගුවන් යානය අපේ ගේ පහු කරනවාත් සමගම විශාල ශබ්දයක් ආවා. මම දරුවො දෙන්නා බදා ගත්තා. ඒ සමගම දැවැන්ත සුළගක් ආවා. ඒ තත්වය තත්පර කීපයක් පමණයි පැවතුනේ.
ඒ මගින් අපේ නිවසෙ වහළ කුස්සියේ වහළය යළි හොයා ගන්න බැරි වෙන්නම ගසා ගෙන ගිහිල්ලා තිබුණා. මේ ගෙදර හදල අවුරුදු 06 යි. ඒ වගේම මගේ ළමයින්ගෙ අධ්‍යාපන වියදම්, ගෙදරදොර එදිනෙදා වියදම් මම ආවරණය කර ගන්නෙ මේ පොල් වගාවෙන්. ඒ ගස් සියල්ල කැඩිලා ඉදිරිලා ගිහිල්ලා .
මේ ගුවන් යානය සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානය බව අප සොයා ගත්තා. මෙම යානය තුළ ගුවන් මගීන් 292 ක් සහ කාර්යය මණ්ඩලය 12 ක් සිට තිබෙනවා මෙම ගුවන් යානය ඒ.330 එයාර් බස් වර්ගයේ විශාලතම ගුවන් යානයක්. මෙහි එක් ඇංජිමක අශ්ව බල 75,000 ක පමණ ධාරිතාවයක් තියෙනවා. මෙවැනි ඇංජින් දෙකක් මේ ගුවන් යානයට තියෙනවා.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සුදානමින් පැමිණෙන විට, වඩාත් පහළ මට්ටමකින් ගමන් ගැනීම නිසා, ගුවන් නියමුවා එක වරම මෙම ගුවන් යානය ඉහළට ඔසවා තිබෙනවා. එහිදී මෙම යානයේ ඇංජින් මගින් නිකුත් වන අධික ශබ්දය සමග පසුපසට සිදු වන වායු තෙරපුම නිසා මෙම දැඩි සුළං තත්වය ඇති වී තිබෙනවා.
එම අවස්ථාවේ ගුවන් නියමුවා සිය ගුවන් යානය සහ එහි සිටින මගීන් බේරා ගැනීම සදහා ගත් පියවර අගය කරමින් 07/07 දින එම ගුවන් නියමුවා ඇගැයීමකට ලක් කළ පුවත් එදින රාත්‍රී රූපවාහිනී පුවත් මගින් විකාශනය කළා.
අපි මේ පිළිබඳ කටාන පොලිසියට සහ කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ලිඛිතව දැනුම් දීමක් සිදු කළා.මෙම සිදුවීම නිසා දාගොන්න ගොඩැල්ල ඇතුන් නෑවූ තොටුපොළේ සිට කඩවල මංගලාරාම විහාරස්ථානය දක්වා කිලෝ මීටර් 05 ක පමණ ප්‍රදේශයක පිහිටි දේපොළ සහ නිවාස ආපදාවකට ලක් වී තිබුණා"






popular news
-
samson de silva Wednesday, 19 July 2023 03:10 AM
Aapadaawata pathwu saha alaabahaani siduwuu siyalu denaama ekathuwa honda lawyerslaa lawwaa saamuhika naduwak (class action) daanna, adaala siyaluma denaata wiruddawa (Sri Lankan airlines, katunayake BIA aadin) wandi illalaa.
Reply : 0 0
Janahitha Saturday, 22 July 2023 05:07 AM
Nodakin ginnata piduru Dana un thanhaya jayathi soko
Reply : 0 0
janahitha Wednesday, 19 July 2023 04:06 AM
meva hadaganna puluvan magin siya gananak beruna ithama avadanam thathvayak guvan yanaya pahalata paminimen 1979 vasare pamana anathurak sidu una budu saranayi samatama vahala amathaka karamu magin gana kathavak naha nodakin helayo
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
