කුවෙට් ජාතික යුවළක විසින් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ට සිදුකළ පහරදීමකට විරෝධය පළ කරමින් මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධරීහු වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වෙමින් සිටිති.
ඉකුත් 27 වැනිදා කුවෙට් ජාතික යුවළක විසින් රැගෙන ආ සුනඛයෙකු පිළිබඳ ඇති වූ සිදුවීමක් මුල්කර ගනිමින් ආදාළ විදේශික යුවළ රාජකාරියේ නිරත රේගු නිලධාරීන්ට පහරදී තිබේ.
එම සිද්ධියට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්රියාමාර්ගය ගෙන ඇති අතර මේ හේතුවෙන් රේගුවේ නිෂ්කාශන කටුයුතුවලට බලපෑම් එල්වී තිබේ.
මේ අතර අදාළ පහර දීම සිදුකළ කුවෙට් ජාතික යුවළ අද (30දා) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී එම යුවළට නඩු විභාගය අවසන් වන තෙක් රටින් පිටව යෑම වළක්වමින් තහනමක් පැනවීමටද මහේස්ත්රාත්වරිය නියෝග කර තිබේ.
බල්ලෙකු නිසා කුවේට් ජාතිකයා රේගු නිලධාරීන්ට පහරදෙයි
