ගුරු බඳවා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර නෑ - රනිල්
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දෙනු ලැබූ ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වසර 30ක් යනතුරු ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව ඇති බවත්, එය ක්‍රියාත්මක නොකිරීම මගින් තරුණ පරපුරට විශාල අපරාධයක් සිදුකර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විශේෂ කුසලතා සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන 'සුභග' ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද (12දා) අරලියගහ මන්දිරයේ පැවැති අතර, එය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
“පාසල් ප්‍රමිතිය ගැන හිතලා තමයි අපි ව්‍යවස්ථාවට 1987 වසරේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කරද්දී වගකීම් කිහිපයක් ජාතික අමාත්‍යාංශයටත්, පලාත් අමාත්‍යාංශවලටත් දීලා තිබෙන්නේ. 13 වැනි සංශෝධනයේ 03 වැනි පරිච්ජේදයේ 04 වැනි වගන්තියේ තිබෙනවා ‘අධ්‍යාපන විද්‍යායතනවලින් හා විශ්වවිද්‍යාලවලින් ඉගැන්වීමේ සුදුසුකම වශයෙන් පිළිගත්තාවූද, ඩිප්ලෝමා හා උපාධි ඇති තැනැත්තන් ගුරු සේවයට බඳවා ගැනේ’ යනුවෙන් . අධ්‍යාපන ආයතනවලිනුත් විශ්වවිද්‍යාල වලිනුත් ඉගැන්වීමේ සුදුසුකම් ඇති අයට හා ඩිප්ලෝමා උපාධි ඇති අය කියලා ගුරු සේවයට බඳවා ගන්නා එක සීමා කළා. 1987 මමයි ඒක පටන් ගත්තේ.
හැම ගුරුවරයෙකුටම ඒ සුදුසුකම් නොතිබුණු නිසා සීමිත කාලයකට ක්‍රියාත්මක කරන්න තවත් වගන්තියක් ඇතුළත් කළා. එය තමයි 05 වැනි වගන්තිය. 'මේ වර්ගවලට ප්‍රමාණවත් පුද්ගල සංඛ්‍යාවක් බඳවා ගැනීමට හැකිවන තෙක් ගුරු සේවයට වෙනත් තැනැත්තන් බඳවා ගැනීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පවතින බඳවාගැනීමේ පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිදුකරනු ලැබේ' යනුවෙන් මේක 1987 ගෙනාවේ. නමුත් අපි කීදෙනෙක් බඳවා ගන්නවාද විභාග තියලා. අවුරුදු 30ක් තුළදී අපට ශක්තියක් තිබෙන්න ඕන පුහුණු ගුරුවරුන් , ඉගැන්වීමේ සුදුසුකම් තිබෙන ගුරුවරුන් පාසල්වලට ඇතුළත් කරන්න.
නමුත් අවුරුදු 30ක් අපි ඒක කළේ නැහැ. අපි ව්‍යවස්ථාවට පටහැණිවයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපි මේ තරුණ පරපුරට කරලා තිබෙන විශාලතම අපරාධය තමයි මේක. සමහර ගුරුවරුන් බඳවා ගත්තේ එක එක හේතු උඩ. අධ්‍යාපන හේතු උඩ නොවෙයි. මේ නිසා අපි දියුණුවක් නැති කර ගත්තා. නැත්නම් අපි අද මැලේසියාව, තායිලන්තය වගේ රටවල තිබෙන මට්ටමට පාසල් අධ්‍යාපනය ළඟා කරගෙන” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
සුභග ශිෂ්‍යත්ව යටතේ මෙහිදී නව නිර්මාණ, සෞන්දර්යය, ක්‍රීඩා යන අංශවලින් විශේෂ කුසලතා දැක්වූ සිසුන් දහසකට ශිෂ්‍යත්ව පිරි නැමුණු අතර, එක් සිසුවෙකුට මසකට රුපියල් 2500 බැගින් වසරකට රුපියල් පනස්දහසක ශිෂ්‍යාධාර හිමිවේ. මේ සඳහා 2017 අයවැය යටතේ රුපියල් මිලියන 30ක් වෙන්කර ඇත.

popular news
-
.h.Sunitha thero Sunday, 15 July 2018 09:06 AM
Ai Dan G.A.Q උපාධියට path wim dan naththe......ape duskara palath wala කොච්චර pasal thiyanwada ගුරුවරු adu than....ai a wage than walata ගුරුවරු යොමු karan naththe....G.A.Q උපාධි wadi thama .....a unata ..a පාසලේ ho පිරිවෙනේ ප්‍රින්සිපල් ගුරුවරු illanawa nam..denna bari kamak naththe ai....a wage ape duskara palath wala pasal පිරිවෙන් කොච්චර thiyanawada?.......atham guru waru ewata yanne na..duskara wadi kiyala.....ewapata පිළියම් වාසයෙන් hari G.A.Q walata path wim isthira karanna...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

