ගුරු දිනය යෙදෙන අද රට පුරා විරෝධතා
තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර තිබේ.
ඒ අනුව මෙරට ගුරු දිනය සමරනු ලබන අද (06) දිනයේදී දිවයින පුරා විරෝධතා ක්‍රියාමාර්ග සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කරයි.
ආණ්ඩුව මේ වනවිට පළාත් සභා පාසල් විවෘත කිරීමට සූදානම් වන අතර එහි ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තමන් සූදානම් නොමැති බවද ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වාදෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,
"අද දිනයේදී අපි ලංකාව පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරලා තියෙනවා. ගුරු - විදුහල්පති වැටුප් ගැටලුවට ආණ්ඩුව විසඳුමක් ලබා නොදෙන තත්ත්වයක් තුළ තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. දින 87ක් අද දිනයට."
ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඉන්දික පරණවිතාන මහතා සඳහන් කළේ ගුරු වැටුප් ගැටලුව විසඳාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට තීරණය කර ඇති බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

