ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සදහා අදාළ වෘත්තිය සමිතිවලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට ඉඩ සලසා දෙන්න සූදානම් බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයින් පිරිසක් සමග ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුලු වෘත්තිය සංගම් නියෝජිතයින් නාරහේන්පිට ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ වැඩමුළුවක් සම්බන්ධයෙන් ද අද පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු හෙළි කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයා සමග වෘත්තිය සමිති නියෝජිතයින්ට සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන බව කියා සිටියේය.