ගුරු - විදුහල්පති වැටුප් ප්රශ්නය දිගින් දිගටම ඉදිරියට ගෙන යාම හරහා රටේ දරුවන්ගේ අනාගතව විනාශ වන බවත් චක්‍රලේඛයක් මගින් වැටුප් විශමතාවය ඉවත් කරන බවට හෝ එසේත් නැතිනම් සංවෘත සේවාවක් කරන බවට ගුරුවරුන්ට තහවුරු කිරීමේ හැකියාවක් තිබෙනවාද යන්න ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (04දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
මෙම ප්රශ්නය සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබෙන සීමිත වපසරිය තුල කටයුතු කරමින් සිටින බවත් සංවෘත සේවාවක් කිරීමට අධ්‍යාපන ක්ෂේත්රයේ පොදු එකඟතාවයක් නොමැති අතර මෙම සියල්ල එකඟ වන්නේ නම් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ගුරු සහ විදුහල්පති සේවය සංවෘත සේවාවක් කිරීමට හැකියාව තිබෙන බවත් ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
එමෙන්ම චක්‍රලේකයක් නිකුත් කළ හැක්කේ මේ පිළිබද අවසන් තීරණයක් ගැනීමෙන් පසුව බවත් ඒ අනුව අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු අදාල චක්‍රලේකය ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන බවත් එහිදී සුසිල් ප්‍රේමජයන්ත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.