ගිහාන්ගේ රොකට්ටුව ගුවන් හමුදා සංවත්සර ප්‍රදර්ශනයට
ගුවන් හමුදා 68 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස්පෙළ හදාරණ ගිහාන් හෙට්ටිආරච්චි නිර්මාණය කළ රොකට්ටුව ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.
එම ප්‍රදර්ශනය මාර්තු මස 2 දා සිට 6 දා තෙක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ පාසල් සිසුවෙක් විසින් නිර්මාණය කළ පළමු රොකට්ටුව මෙය ලෙසට සැළකෙන අතර එය වැඩි දියුණු කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ආධාර කළේය.
එසේම එය වැඩිදියුණු කර ගුවන් ගත කිරීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබාගැනීමට අවශ්‍ය කටයුතුද ජනපති මැදිහත්වී සිදුකරන ලදී.


popular news
-
Champa Thursday, 28 February 2019 05:58 PM
ගුවන් හමුදාව මේ දරුවාට අත හිත දීමට ඉදිරිපත් වීම අගය කරනවා. ඔබට සුභ පැතුම් ගිහාන් පුතා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
