ගිනි අවි දෙකක් පොලිස් භාරයට
- 11 11 2026
- 08:31
- {{hitsCtrl.values.hits}} views
- ..
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය භාරයේ රැඳවුම් නියෝග මත සිටින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත 2026.11.10 දින දහවල් හංවැල්ල පොලිස් වසමේ පහත්ගම ප්‍රදේශයේ සඟවා තිබූ 09 mm වර්ගයේ පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, පතරොම් ගැබක්, බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 පතරොම් 02 ක් විමර්ශන නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන ඇත.මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.