ගිනිගැනීමට ලක්වූ නෞකාවෙන් සිදුවූ සමුද්‍රීය පරිසර හානිය පිළිබඳ වාර්තාව නීතිපතිට
- 24 09 2020
- 08:45
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාවේ නැගෙනහිර දෙසින්, සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 36ක් දුරින් ගිනිගැනීමට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳ වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී තිබේ.
අදාළ වාර්තාව මඟින් නෞකාවේ ගින්න නිසා සිදුව ඇති සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ මූලික නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධීකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කරයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් සහ විශේෂඥ කමිටුවක් විසින් මෙම වාර්තාව සකස් කර ඇති බවත් අදාළ වාර්තාවට අනුව නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය කටයුතු තීරණය කරන අතර, සිදුව ඇති සමුද්‍රීය දූෂණය සම්බන්ධයෙන් වන අලාභය ගණනය කිරිම ද කඩිනමින් සිදුකිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

