විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ගම්පහ ප්‍රදේශයේ නිවසක ගිණි අවියක් ඇති බවට ලද බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දින ගම්පහ පොලිස් වසමේ ගම්පහ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අදාල තොරතුරට අනුව එම නිවස පරික්ෂා කිරීමේ දී නිවස තුල අල්මාරියෙහි ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ විදේශීය රටක නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිණි අවියක්, පතුරම් ගැබක් සහ ගිණි අවියට යොදන උන්ඩයක්ද සමග යුධ හමුදා විශේෂ බලකාය හැර ගිය වයස අවරුදු 44 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
