ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කෙරෙන ආරක්ෂිත වෑල්ව සහිත හිස් LP ගෑස් සිලින්ඩර 656,298ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවේ ‘M/s.Mauriya Udyog Ltd.’ වෙතින් රුපියල් මිලියන 2,057.1ක මුදලකට මෙම ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
