බණ්ඩාරගම උඳුගොඩ ප්රදේශයේ නිවසකට බණ්ඩාරගම ගල්තුඩේ ප්රදේශයේ ගෑස් අලෙවි සැලකින් රැගෙන එන ලද නව සංයුතිය අඩංගු බව කියන රතු ලේබලය සහිත ගෑස් සිලින්ඩරය කින් ශබ්දයක් සමඟ ගෑස් පිටතට කාන්දු වන අයුරු දැකගත හැකි විය.
මීට දින දහයකට පමණ පෙර දී මිලදීගෙන තිබූ මෙම ගෑස් සිලින්ඩරය අද පෙරවරුවේ පරිහරණය සඳහා සිලින්ඩරයේ රෙගුලේටරයට සවි කිරීමත් සමගම ගෑස් පිටතට කාන්දු වී ශබ්දයක් නිකුත් වී ඇත.
මේ සමගම වහා ක්රියාත්මක වූ නිවැසියන් නිවසේ විදුලිය විසන්ධි කර රෙගුලේටරයේ සම්බන්ධතාවය ඉවත්කර සිලින්ඩරය නිවසින් පිටතට දැමීමට කටයුතු කර ඇත. ඉන්පසු මේ පිළිබඳ බණ්ඩාරගම පොලිසියට ද පැමිණිලි කර ඇත.



