ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිත බව මෙරට ගෑස් අලෙවිකරන සමාගම් ද්විත්වය වන ලිට්රෝ හා ලාෆ්ස් සමාගම් පවසයි.
අද දිනයේදි මිල ගණන් පිළිබඳව සකච්ඡා කිරිමෙන් අනතුරුව නව මිල ගණන් යටතේ හෙට දිනයේ සිට ගෑස් අලෙවි කිරීමට නියමිතය.
රජය විසින් ගෑස්, කිරිපිටි, සිමෙන්ති හා තිරිඟු පිටි සඳහා පනවා තිබූ පාලන මිල ගණන් ඉවත් කිරීමට පසුගියදා තිරණය කෙරිණි.
ඒ අනුව මේ වන විටත් කිරිපිටි මිල ඉහළ දමා තිබේ. අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ දැමීම පිළිබඳව අවසන් තිරණ එළැඹෙන සතිය තුළදි ගැනීමට නියමිතය.