ඉන්ධන මිල අඩුවූ ආකාරයට ඉදිරියේදී ගෑස් මිලද අඩුවන බවත් බිංදුවට වැටී තිබූ මෙරට විදෙස් සංචිත මේ වන විට ඩොලර් බිලියන 1.3ක් දක්වා වැඩි වී ඇති බවත් ජනපති කාර්යා මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කියයි. ඒක්සත් ජාතික පක්ෂ මැයි දින උළෙල අමතමින් ඔහු මේ බව පැවැසීය.
නිදහසින් පසු මේ රටේ කාර්මිකකරණය, නිදහස් සෞඛ්‍යය, කර්මාන්තපුර ඇති කරමින් එජාප නායකයන් කටයුතු කළා. මේ දියුණුව දැන් ඇතිද කියා අපි තීන්දු කළ යුතුයි. ආණ්ඩුවක් වෙනස් වන විට ප්‍රතිපත්ති වෙනස් වීම එදා සිටම පැවති දුර්වලතාවයක්. 2019 දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ රජය විපක්ෂයට යන විට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුණා. නමුත් ඒ වෙනස ඇති වුණාට පසුව ප්‍රතිපත්ති වෙනස් වුණා. එයින් රටේ අර්බුදයක් ඇති වුණා.
ඒ අර්බුද අවස්ථාවේදී යළිත් එතුමා රටේ ජනාධිපති ධූරය භාරගෙන රටේ වගකීම භාර ගත්තා. උඩු යටිකුරු වී තිබූ බදු ප්‍රතිපත්තිය නැවත සකස් කළා. තිබෙන කෙනාගෙන් අරගන්නා බදු ප්‍රතිපත්තියක් තමයි නූතන ලෝකය අනුගමනය කරන්නෙ. අපි ඒක වෙනස් කළා. වක්‍ර බදු වැඩි කර, වක්‍ර බදු හතර ගුණයක් එකතු කරමින් ආදායම් බදු එකක් එකතු කරන විට. මේ සියලුම ජනතාවයි ඒක ගෙවන්නේ. ඒක වෙනස් කරද්දි රිදෙනවා. කාලයක් ගෙවන්නේ නැතිව සිටි අවස්ථාවක උපයන විට බදු නැවත ගෙවන විට රිදෙනවා. අකමැත්තෙන් හෝ අපට ඒ දේ කරන්න සිදු වුණා.
ගෑස්, තෙල් පෝලිම් නැති කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පියවර ගත්තා. විදේශීය සබදතා නිසි ලෙස කළමනාකරණය කරන්න එතුමා කටයුතු කළා. රටේ ආර්ථිකය ස්ථායීකරණය කරන්න පියවර ගත්තා. ආර්ථිකය නැවත සකස් කරන්න පියවර ගත්තා. යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දුන්නා. මහ කන්නය වන විට නැවත පොහොර ලබාදුන් නිසා හොද අස්වැන්නක් ලැබුණා.
විදේශ විනිමය ආරක්ෂා කරන්න ආනයන සීමා පනවන්නට පියවර ගත්තා. ආර්ථිකය නැවත ශක්තිමත් වන විට ඒවා නිදහස් කරන්න පියවර ගනිමින් සිටිනවා. සංචාරක කර්මාන්තය වැඩිදියුණු වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත් වෙන්න පටන් ගත්තා.
ජනාධිපතිතුමා රට භාර ගත්තේ උද්ධමනය සියයට 70ක්ව පැවති රටක්.
ගිය මාසයේ අග වන විට සියයට උද්ධමනය සියයට 50කට ගෙන ආවා. මේ වසරේ අග වන විට උද්ධමන අගය තනි ඉලක්කමකට ගැනීමට උත්සාහ කරනවා. බිංදුවට වැටී තිබූ විදෙස් සංචිතය දැන් ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක් දක්වා වැඩි වුණා. භාණ්ඩ මිලත් අඩු වෙමින් පවතිනවා. තෙල් මිල තවත් අඩු වුණා. තව ටික දවසකින් ගෑස් මිලත් තව අඩු වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම් නිසා මෙවැනි ප්රතිලාභ රටට ජනතාවට ලැබෙන්න පටන් අරන් තිබෙනවා. මෙතැන් ඉදිරියට යන වැඩපිළිවෙළ ගැන තීන්දු කරන්න අවශ්‍යයි. සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ, කර්මාන්පුර ඇති කරන්නේ, ආයෝජකයන් ගෙන්වා ගන්නේ, පුනර්ජනනීය බලශක්තිය දියුණු කරන්නේ, තොරතුරු තාක්ෂණය දියුණු කරලා රටේ ආර්ථිකයට ශක්තියක් ගන්නේ කෙසේද කියා සොයා බැලිය යුතුයි. එහෙම වුණොත් 2048 දී රටේ සංවර්ධන ඉලක්කය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙනවා.”