නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා එළඹෙන 22 සඳුදා සිට යළි විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි ගැල්වේස්ලෑන්ඩ් වනෝද්‍යානය භාරකරු එම්.ජී. විමලරත්න මහතා පැවැසීය.
උද්‍යානය මෙසේ විවෘත කිරීමෙන් පසුව දෙස් විදෙස් සංචාරකයන්ට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව වනෝද්‍යානය තුල සංචාරය කල හැකි බවත්, ඊට අදාල සියලුම පහසුකම් මේ වනවිට සම්පාදනය කොට ඇති බවත් ඒ මහතා කීය.
නුවරඑළිය නගරය මැද්දේ පිහිටි සුන්දර වනෝද්‍යානයක් ලෙස සැලකෙන ගැල්වේස්ලෑන්ඩ් වනෝද්‍යානය කොව්ඩ් 19 වෛරස් වසංගතයත් සමග පසුගිය මාර්තු මස 19 දින සිට සම්පුර්ණයෙන් වසා දමා තිබිණි.
