කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ ගැබිනි මවුවරුන් හත්සියයක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළාය.
මේ අතරින් බහුතරයක් ගැබිනි මවුවරුන් කොරෝනා මර්දන එන්නත් ලබාගෙන නොමැති බව ද අනාවරණය වී ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගැබිනි මවුවරුන් 19 දෙනකු මේ වන විට මරණයට පත්ව ඇති අතර ඔවුන් සියලූම දෙනා එන්නත් ලබාගෙන නොතිබූ බව ද ඇය පෙන්වා දුන්නාය.
දැනට රටේ ගැබිනි මවුවරුන් එක්ලක්ෂ පනස්දහසත් ලක්ෂ දෙකත් අතර පිරිසක් සිටින බව ද කී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඒ අතරින් කොරෝනා මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙනුයේ තිස්දහසක පමණ පිරිසක් බව ද පැවසුවාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (11 පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සදහන් කළාය.