ගැබිනි බිරිඳ ඝාතනය කළැයි සැමියා පොලීසියට භාර වෙලා - පොලීසිය ජීවිත දෙක බේරා ගනී
තම 24 හැවිරිදි ගැබිනි බිරිඳගේ ගෙළ සිර කර කටට රෙදි කැබලි ඔබා ඇයට සිහි නැති වීමෙන් පසුව ඇය මිය ගොස් ඇති බව සිතා පොලීසියට පැමිණ තමන් බිරිඳ ඝාතනය කළ බවට පුද්ගලයෙකු ප්රකාශ කිරීමත් සමඟ වහාම ක්රියාත්මක වූ කටුගස්තොට පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පෙරේදා (09දා) රාත්රියේ එම ස්ථානයට ගොස් වහාම එම කාන්තාව රෝහල් ගත කර ඇයගේ සහ නූපන් දරුවාගේ ජීවිත බේර ගැනීමට සමත් විය .
කටුගස්තොට පොලීසියට පැමිණි වයස 34 ක් පමණ පුද්ගලයෙකු තමන් තම බිරිඳ ඝාතනය කළ බවට පොලීසියට පාපොච්ඡාරණය කර තිබේ. ඔහු සිය බිරිඳ ඝාතනය කළ ආකාරය පිළිබඳවද පොලීසියට විස්තර කර තිබේ.
එම අවස්ථාවේදී පොලිස් නිළධාරින් වහාම එම නිවසට ගොස් පරික්ෂා කිරීමේදී මෙම ගැබිනි කාන්තාව ඇයගේ ඇඳේ වැටී සිට ඇති අතර ගෙළ හිර කර කටට පාන්කඩ ඔබා තිබෙනු දක්නට ලැබී තිබේ. ඇයගේ සැමියා ඇය මිය ගිය බව සිතා පොලීසියට පැමිණ බාර වී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ. කෙසේ නමුත් මේ වන විටත් ඇය ජීවතුන් අතර සිට ඇති අතර වහාම ක්රියාත්මක වූ පොලිසිය අදාළ කාන්තාව රෝහල්ගත කිරිමට පියවර ගනු ලැබීය. පොලීසිය ක්ෂණිකව ක්රියාත්මක විම හේතුවෙන් ඇයගේ මෙන්ම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබේ.
මහනුවර මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

