විදේශ රටක සිට මෙරටට රැගෙන ආ ග්ලයිෆොසේට් මෙට්රික් ටොන් 10කට අධික ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. බැරල්වල අසුරා මෙම වල්නාශක තොගය ගෙනැවිත් ඇති අතර, අත්අඩංගුවට ගත් ග්ලයිෆොසේට් තොගය පිලිබඳව හෙට (12දා) විශේෂ රේගු පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතය.
ඔරුගොඩවත්ත රේගු අංගණයේදී අදාළ වල්නාශක තොගය විවෘත කර බැලීමට සැලසුම් කර තිබේ. 2015 වසරේ සිට ලංකාවට ග්ලයිෆොසේට් ගෙන්වීම, බෙදාහැරීම හා අලෙවියට තැබීම සපුරා තහනම් වේ.