ග්ලයිෆොසේට් ලීටර් 32215ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය
වාර්ෂිකව ග්ලයිෆොසේට් ලීටර් 32215ක් ආනයනය කර සිපෙට්කෝ සමාගම මගින් බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ග්ලයිෆොසේට් ලීටර් 32215න් ලීටර් 200ක් ඔස්ට්‍රේලියාවට අපනයනය කළ හැකි මල් හා විසිතුරු පැළෑටිවල වර්ධක ප්‍රචාරණය විය හැකි අයිතමවල ප්‍රරෝහණ හැකියාව නිෂ්ක්‍රීය කිරිමට භාවිත කිරීම යෙදවීමට නියමිතය.
තවත් ලීටර් 31815ක් උක් වගාවේ සුදු පත්‍ර රෝගය පාලනය කිරීම සඳහා උක් පර්යේෂණ ආයතනයට ලබාදීමට නියමිතය.
වැලිගම පොල්කොළ මැළවීමේ රෝගය මර්දනය කිරීම සඳහා ග්ලයිෆොසේට් ලීටර 200ක් පොල් පර්යේෂණ ආයතනය වෙත ලබාදීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කර තිබේ.

popular news
-
Kumar Wednesday, 07 August 2019 10:05 PM
රෝස පැළවලට ග්ල්යිෆොස්ටේ ගැහැව්වොත් ඒවා විනාශවෙනවා. අපේ ගෙවත්තේ රෝස වර්ග 30ක් පමණ තිබෙනවා. ඒ රෝස පැළවල පුස් වැනි දිලිර වර්ග පාලනයට යොදන්නේ කොහොඹ තෙල් අඩංගු වතුර මිශ්‍රණයක්. කෘමි කොලකනවට මුලින් ගසට ඇතුළුවන කෘමිනාශකයක් පොහොර සමග යොදනවා. මේ ක්‍රමයට.ගස් නොකන මකුළුවන් වැනි ඉතා ප්‍රොයෝජනවත් සතුන් මැරෙන්නෙනෑ. අපි ග්ල්යිෆොසෙට් පාවිචි කරන්නේ වල්පලැටි නාශයක් හැටියටයි. දැනට තිබෙන තොරතුරැ අනුව මෙම රසායනික ද්‍රව්‍ය නිසා පිලිකා හට ගැනීමට පුළුවනි (නන් -හොජ්කින්ස් ලිම්පොමා). ග්ල්යිෆොසටේ ඉතාම අනතුරුදායක රසායනික ද්‍රව්‍යක් නිසා ප්‍රවේසමින් පරිහරණය කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

