ගව ඝාතනය නතර කිරිමට අගමැති ගත් තීරණයට මහනාහිමිවරුන්ගෙන් පැසසුම්
මෙරට තුල සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව ගණනාවක් කලක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව අවධානය යොමුකර ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය කටයුතු සලසන බව ප්‍රකාශ කිරීම අගය කරන බව මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසූහ.
ගව ඝාතනය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන තිබෙන තීරණයට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේ සහය ලබාදිය යුතු බවද මහනායක හිමිවරුන් පැවැසුහ.
බුදුන්වහන්සේ දායක ඇත්තන්ට කළ ධර්ම දේශනාවේ අඩංගු පන්සිල් පද පහේ පළමු වැන්න ප්‍රාණ ඝාතනයෙන් වැලකීම යැයිද මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් හා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි යන අනුනාහිමිවරු දෙනම මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ මෙසේ පැවැසුහ,
"බෞද්ධ දර්ශනය සුරක්ෂිත රටක අවිහිංසාව පෙරදැරිව පාලකයින් කටයුතු කළ යුතු අතර අගමැතිවරයා එම ප්‍රතිපත්ති සමඟ බද්ධව ක්‍රියාකරමින් ගව ඝාතනය නතර කිරීමට පියවර ගැනීම සම්බන්ධව සතුටු වන බවත් අවිහිංසාව පෙරටු කරගෙන රට පාලනය කිරිම දස රාජ ධර්මයන් ගෙන් එකක් වන බවත් පොළොන්නරු යුගයේ නිර්මිත සඳකඩපහණේ ගව රූපය දක්වා නොමැත්තේ ගවයා කෙරෙයි අතීතයේ පටන් අප සමාජයේ පවත්නා ගෞරවය ඉස්මතු කිරීමට බවද අනුනාහිමියෝ පැවසූහ.
බුදුන්වහන්සේ අවිහිංසාව මුල්කරගත් දහමක් බවත් සෑම සත්ත්වයෙකුම මරණයට මෙන්ම හිංසාවටද බය බවත් මෙය අප තේරුම්ගත යුතු බවත් උන්වහන්සේ සදහන් කළේය".
මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් අදහස් දක්වමින් රටට එක නීතියක් ගෙන ඒමට ජනපති හා අගමැති කටයුතු කරමින් සිටින බවත් එය අගය කරන බවද පැවසූහ.

popular news
-
Kumar Wednesday, 09 September 2020 09:45 PM
Why only cattle? How about extending it to all other animals slaughtered for food. If cattle slaughter is banned there will be a lot of illegal killings. I am no beef consumer myself however, there are others who can't do without beef. Can some educated person explain why this law only apply to cattle?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

