ගල් කොරි සඳහාත් හරිත සංකල්පය
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සියලු ගල් කොරි සඳහා හරිත සංකල්පය හඳුන්වාදී ඊට අනුගත වන්නන්ට පමණක් ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ගල් කොරිය ක්‍රියාත්මක කිරීමේදී අවම බෝර භාවිතය, ගල් කොරිය පවත්වාගෙන යෑමෙන් අනතුරුව එය මුඩු බිමක් ලෙස අත්හැර දමනු වෙනුවට පරිසර හිතකාමී ලෙස නැවත ප්‍රයෝජනවත් ක්‍රියා සඳහා භාවිත කළ හැකි ආකාරයට අදාළ භූමිය සංවර්ධනය කිරීම ඇතුළු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පනවනු ලබන කොන්දේසිවලට යටත්ව මෙම හරිත සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරනුයේ එම කාර්යාංශය විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින හරිත වැලි තොටුපොළ සංකල්පයට සමගාමීව මෙම හරිත ගල් කොරි සංකල්පයද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
රට පුරා ක්‍රියාත්මක ගල් කොරි සඳහා අදාළ බලපත්‍ර හා අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

