ගල් අඟුරු නැව් 6ක් ඇණවුම් කර තිබෙනවා
ගල් අඟුරු සමාගම නිසා ජනවාරි මාසෙදි පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවන බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ගල් අගුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසයි.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ විදුලි ක්ෂේත්රයටත් ඉංජිනේරුවරුන් සහ වෘත්තිය සමිති ගල් අඟුරු ආනයනය නොකිරීම නිසා ජනවාරි මාසයේදී පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවිය හැකි බවට මාධ්‍ය හමුවක් පවත්වමින් කරන ලද චෝදනාවට පිළිතුරු ලබා දෙමිනි.
"ගල් අඟුරු සමාගම විසින් ලක් විජය විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු ගෙන ඒමේ වැඩසහන අනුව මේ වනවිට නැව් පහක් සාර්ථකව ගොඩ බෑම් කොට අවසන්. හයවෙනි නැව ලංකාවට යාත්‍රා කරල ගල් අඟුරු ගොඩ බාලා අවසන් කිරීමට නියමිතව තිබුණේ දෙසැම්බර් මාසයේ 28 වෙනි දින.
නමුත් දකුණු අප්‍රිකාවේ දුම්රිය මාර්ගයක පීලි පැනීමක් සිදු වෙලා, ඒ වගේම වැඩ වර්ජනයක් සිදුවෙලා තිබිලා තියෙනවා ඒ නිසා තමයි ගල් අඟුරු නැව එන්න ප්‍රමාද උනේ.
අපි ඒ වෙලාවෙම දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කතා කර ඔහු හරහා මොසම්බික් වරායට කතා කරලා
එතන තියෙන ප්රශ්නය නිරාකරණය කර ගත්තා. දැනටත් ඒකට ගල් අඟුරු පැටවීම කටයුතු සිදු කරනවා.
දැනටත් ගල් අගුරු අඟුරු මෙට්‍රික් ටොන් සහ දස දහසක් පමණ ලෝඩ් කරලා අවසන්, එම නැව නැවතී ජනවාරි මස තුන් වෙනි දින හෝ 4 වෙනි දින පුත්තලම වරායට ළඟා වෙනවා. තව නැව් 6 ට අපි ඇනවුම් කර නැව් තුනකට මුදල් ගෙවා අවසන්, ඉතිරි නැව් වලටත් මුදල් ලබාදීම සතියේ හෝ ලබන සතියේ දී සිදු කරනවා.
අපි ප්‍රශ්න ගොඩක් මැද්දෙ ඉස්සරහට යන වෙලාවක්. කවුරුහරි කියනවා නම් දෙසැම්බර් 31 පස්සේ මෙම ආයතනය ගල් අඟුරු ආනයනය කරලා නෑ කියලා ඒක වැරදියි"
popular news
-
LGPJ Wednesday, 21 December 2022 03:48 PM
Is it for the year of 2023 .!!!!
Reply : 0 0
janahanda Thursday, 22 December 2022 04:30 AM
gal anguru lokko okkomage agapatha hadagena thyena hati balaya labaganna porakanne okathama kana tharamak 2024 pera kapalla ita passe janatthava numbala kanava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
