ගලහ රෝහල විවෘත කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක
ගලහ ප්‍රාදේශීය රෝහලට පසුගියදා (28දා) ඇතුළත් කළ අවුරුදු එකහමාරක පිරිමි දරවෙකු මිය යාමත් සමග ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය මත දින නියමයක් නොමැතිව වසා දැමූ රෝහල යළි විවෘත කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු අද (02දා) දහවල් ගලහ නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ගලහ දෙල්තොට වත්තේ පදිංචි සංකර් සජී නැමති පිරිමි දරුවා මෙසේ මිය ගිය අතර එයින් උරණවූ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් එකතුවී රෝහලට පහරදි අලාභහානි සිදුකොට දවස පුරා රෝහල් භූමියේ රැඳී සිටිමින් වෛද්‍යවරුන්ට හා හෙද කාර්ය මණ්ඩලයන්ට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූහ.
සිද්ධියට අදාළ යැයි එම රෝහලේ සේවය කල වෛද්‍යවරුන් දෙදෙනා මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය වෙත අනුයුක්ත කර ඇති අතර, අනෙකුත් කාර්ය මණ්ඩලය ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත අනුයුක්ත කර ඇත. මෙම රෝහල වසා දැමීම නිසා ප්‍රදේශයේ ගම් විසිපහක පමණ ජීවත් වන විශාල ජනතාවකට හදිසි රෝගයකට ප්‍රතිකාර ගැනිමට ස්ථානයක් නොමැති බවත් දිනපතා සායන සදහා සහභාගි වන විශාල පිරිසකට ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රමයක් නොමැතිවීමෙන් තමන් අසීරුතාවට පත්වන බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.
ප්‍රදේශයේ සුළු පිරිසක් එකතුවී රෝහලට පහර දීම තමන් හෙළා දකින් බවත් ඔවුන්ට නීතියෙන් දඬුවම් ලබාදීම අනුමත කරන බවත් උද්ඝෝෂක පිරිස් ප්‍රකාශ කළහ. රෝහලට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු පෙරේදා (01දා) සවස ගලහ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ (02දා) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තලාතුඔ - අසේල වික්‍රම



popular news
- 
                            
Champa Sunday, 02 September 2018 06:03 PM
ඇත්ත නේන්නම්. මෙහෙම රෝහල වහල දාල තියෙන එක අන්තිම අසාධාරණයි. අමානුෂිකයි. හදිස්සියක් වුනහම මේ මිනිස්සු කොහෙටද යන්නේ? කොටින්ම කියනවා නම් GMOA වෛද්‍යවරු සහ වෙනත් සංවිධාන හරහා හෙදියන් සහ සුළු සේවකයන් වර්ජනය කරන එකත් අසාධාරණයි.
Reply : 17 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                