ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙට - දිවයින පුරා ආශිර්වාද පූජා
සිරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44 වන ජන්ම දිනය හෙට (4) දිනට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් හෙට (4) දිනයේදී දිවයින පුරා විහාරස්ථාන රාශියක උන්වහන්සේට සෙත් පතා ආශීර්වාද පුජා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
2018 වසරේදී සන්ධ්‍යා එක්නැළිගොඩට තර්ජනය කළායැයි පවසමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් පනවන ලද අතර සති දෙකක් සිරගතව සිටි ඥානසාර හිමි ඊට විරුද්ධව මහාධිකරණයට ගොනු කළ අභියාචනයකින් පසුව එම දඬුවම අත්හිටුවනු ලැබීය.
අධිකරණයට අපහාස කළායැයි චෝදනා මත 2018 වසරේ අගෝස්තු 8 වනදා අවුරුදු 19ක සිරදඬුවම් වසර 6කින් එකවර ගෙවීයන ලෙස අසාධාරණ ලෙස අභියාචනාධිකරණය විසින් පනවන ලද අතර මේ වනවිට උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටි.

popular news
-
rocky Sunday, 03 March 2019 07:13 PM
දිවයින පුරා ආශීර්වාද පූජා? පිස්සුද? ඕවට ඔන්න අපි නම් නැහැ!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
