ග්‍රාම නිලධාරීන් විසඳුම් ඉල්ලයි
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තම රාජකරියට අමතරව තවත් කටයුතු රැසක් සිදු කිරීමට පවරා ඇති ග්‍රාම නිළධාරින්ට නිසි පහසුකම් ලබා නොදීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බව ලංකා එක්සත් ග්‍රාම නිළධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිළධාරින්ගේ සංගමය සදහන් කරයි.
ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථා තම රාජකාරී ග්‍රාම සේවා වසම තුළ තැපල් රාජකාරි, මහජන ආධාර බෙදීම , වැඩිහිටි දීමනා ලබාදීම් , බඩුමළු බෙදාදීම , හදිසි මරණ සඳහා යාම ඇතුළු රාජකාරි රැසක් කිරීමට සිදුව ඇති බවද එම සංගම් වල ග්‍රාම නිළධාරිවරු සදහන් කරති.
එසේ උවද ග්‍රාම නිළධාරිවරැන්ට මෙතෙක් මුහුණ ආවරණ , අත් වැසුම් ආදී කිසිවක් ලබා දී නොමැති බවත් මේ හේතුවෙන් සොඛ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇති බවද ඔවුන් පෙන්වාදෙයි .
එමෙන් හදිසි සේවා රැසක් සිදුකරන ග්‍රාම නිළධාරිවරුන්ට ඉන්ධන දීමනා , දුරකතන දීමනා කිසිවක් ලබාදී නොමැති අතර උත්සව අත්තිකාරම් මුදල් ද ලබාදී නොමැති බවද චෝදනා කරයි.
පවතින තත්වය හමුවේ ලංකාවේ ග්‍රාම සේවා වසම් 14022 තුළ සේවය කරන ග්‍රාම නිළධාරින් මුහුණ දෙන අපහසුතා හදුනාගෙන ඒවාට විසදුම් ලබාදෙන් ලෙස ලංකා එක්සත් ග්‍රාම නිළධාරින්ගේ සංගමය සහ සමස්ත් ලංකා නිදහස් ග්‍රාම නිළධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
popular news
-
Chaminda Saturday, 04 April 2020 11:10 AM
ආදරණීය ග්‍රාම නිලධාරී මහතුනි, දැන් පවතින්නේ කුලල් කාගන්න කාලයක් නොවේ. දුෂ්කර උනත් ඔබ සියලු දෙනා ඉතාමත් වීරෝධාර කටයුත්තක නියලී සිටින බව හිතට ගන්න. මෙම තත්වය සමනය වූ පසු ඔබ මෙන්ම සවුක්ය වෛද්‍ය නිලධාරීන්ද විරුවන් සේ සලකනු ඇති. අපේ රණ විරුවන් නොකා නොබී රට බේරාගත්තා සේම ඔබද ඔබේ රාජකාරිය උතුම් සේවයක් සහ යුතුකමක් ලෙස සිත ඉවසා සිටින්න. ඔබගේ මෙවැනි වැඩ නිසා මුළු රටම විනාශ වීමට ඉඩ ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

