ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 418 දෙනෙකු වන බවත් ඉන් වැඩිම පිරිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
එම කාලය තුල ආසාදිතයින් 219 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හයට ඇතුලත් කොට ඇති බවත් එම මධ්‍යස්ථානවල පවතින ඇදන් 511 න් ඇදන් 378 ක් පිරී ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතවම ආසාදිතයින් හමුව ඇති අතර රාගම කොට්ඨාසයෙන් 48 ක්, මිනුවන්ගොඩ සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් 47 බැගින්, වත්තල - 38 ක්, මහර - 36 ක්, අත්තනගල්ල - 26 ක්, ජාඇල සහ බියගම 23 බැගින්, දිවුලපිටිය - 22 ක්, කැලණිය - 15 ක්, මීගමුව - 13 ක්, සීදූව - 8 ක්, දොම්පෙ - 7 ක් සහ කටාන - 5 දෙනෙකු වශයෙන් බවද හෙතෙම සඳහන් කළේය.
ආසාදිතයින් 343 දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්රයෙන් සිදු කළ පරීක්ෂාවන්හිදීද , 75 දෙනෙකු රෝහල් මගින් සිදු කළ පරීක්ෂාවන්හිදීද හමුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව නිදහස් වෙළඳ කලාපයේ කටුනායක 18 ක්, බියගම- 11 ක් සහ වෙනත් කර්මාන්තශාලාවලින් ආසාදිතයින් 10 ක් වශයෙන් 39 දෙනෙකු හමුව ඇති බවත් අධ්යක්ෂවරයා පැවසීය.
ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 15,509 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් මේ වනවිට ආසාදිතයින් 2,62,177 දෙනෙකු කොවිඩ් දෙවන රැල්ලෙන් හමුව ඇති බවත් වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කීය.
ඊයේ වනවිට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1,23,000 කට පමණ " සයිනොපාම් " එන්නත ලබාදීමට පියවර ගෙන තිබූ අතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ජනතාව වෙත යළිත් සිහිපත් කරමින් සදහන් කර සිටියේ, සෞඛ්‍ය අංශ මගින් හදුන්වා දී ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් දැඩිව අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවය.
ගම්පහ තිලකරත්න දිසානායක