ගිනිඅවි සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- 29 08 2020
- 09:05
- {{hitsCtrl.values.hits}} views
- ..
යක්කලමුල්ල, ඇල්ලඉහළ සහ ගල්කන්ද යන ප්‍රදේශවලදී ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යක්කලමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
එහිදී සැකකරුවන් සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනිඅවි 02ක් සහ එම උණ්ඩ දෙකක් සොයාගෙන තිබේ.
සැකකරුවන් 32 හැවිරිදි සහ 45 හැවිරිදි දෙහිගහහේන සහ ගල්කන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද, ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර යක්කලමුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
