ගංජා ප්‍රවාහනය කළ සුරා බදු නිලධාරින් දෙදෙනෙක් හා තවත් අයෙක් අල්ලයි
හම්බේගගමුව පොලිස් වසමට අයත් දෙගල්ආර රතඹලාගම කනිෂ්ඨ විද්‍යාලය අසලදී මෝටර් රථයකින් වියළි ගංජා කිලෝ 43 ග්‍රෑම් 200 ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් අයෙකු (22) වෙනිදා හම්බේගමුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පවසා ඇත්තේ වැටලීමකදී අත්අඩංගුවට ගත් වියළි ගංජා තොගයක් මොනරාගල සුරා බදු ස්ථානයට ප්‍රවාහනය කරන බවයි.නමුත් ඒ සඳහා කිසිදු නියෝගයක් තිබී නොමැත.
මෙම විය මෙම වියළි ගංජා වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි පහකට අධිකය. මොවුන් හම්බේගමුව ප්‍රදේශයේ ගංජා ජාවාරම්කරුවන් සමඟ කලක සිට සම්බන්ධතා පවත්වාගෙන ගංජා ප්‍රවාහනය සිදුකරන බවට අනාවරණයවී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරාබදු දෙපාර්තුමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු වන තිස් එක් හැවිරිදි වියෙහි පසුවන බිබිල සහ අම්පාර ප්‍රදේශ වල පදිංචි දෙදෙනෙකු වන අතර මෝටර් රථයේ සිටි අනෙක් අය රතඹලාගම ප්‍රදේශයේ පදිංචිප තිස්එක් හැවිරිදි වියෙහි පසුවන අයෙකි.සුරා බදු නිලධාරින් දෙදෙනා නිවාඩු ලබාගෙන සිටි අය බවද අනාවරණයවී ඇත.
ගංජා ප්‍රවාහනය කළ මෝටර් රථය,සැකකරුවන් සහ වියළි ගංජා තොගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.හම්බේගමුව පොලිසි ස්ථානාධිපති තුෂාර සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
