නිල්වලා හා ගිං ගඟ යන ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම දෙපාර්තමේන්තුව කියාසිටියේ මේ හේතුවෙන් අදාළ ගංගා අවට වෙසෙන පහත්බිම්වල ජනතාවට මේ පිළිබදව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.
මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහඔය පිටාර ගලා ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.