කෝවිඩ් පාලනයට ජනපති දුන් උපදෙස්
හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.
අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම පිරිස ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් දින දෙකක් ඇතුළත කොවිඩි ආසාදිතයන් හඳුනාගැනීමත් සමග එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
කොවිඩ් මර්දනයට රජය දී තිබූ උපදෙස් පිළිපැදීම කාලයත් සමග ජනතාවගෙන් ගිලිහීයාම රෝගය ආසාදනයට මූලිකම හේතුව බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.
කොවිඩ් වසංගතය ලෝකයේ සෙසු රටවල් වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. ඒ පිළිබඳව වාර්තා කළද ජනතාව දැනුවත් කිරීමට රට තුළ ගෙන ගිය ප්‍රචාරණ වැඩපිළිවෙළ මාධ්‍ය වෙතින් මගහැරී ගිය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. සාමාන්‍ය පරිදි කොවිඩ් වසංගතය පවතින බව ජනතාවට ද අමතක වූ බව ජනාධිපතිතුමා කියා සිටී.
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මෙන්ම ආයතනවලද අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් විශාල පිරිසක් සේවය කරන ආයතනවල PCR පරීක්ෂණ අහඹු ලෙස විටින් විට සිදුකරන ලෙස නියම කර තිබිණ. එහෙත් කර්මාන්තශාලා වෙතින් එය නිසි ලෙස සිදු වී නොමැති බව පෙනි යන්නේ යයි ජනාධිපතිතුමා කියා සිටී.
පවතින තත්ත්වය අවබෝධ කරගෙන යළි එය මර්දනයට සහයවීමට මාධ්‍යට සහ ජනතාවට විශාල වගකීමක් ඇති බව ජනාධිපතිතුමා කීය. මාස දෙකකට පසු කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් හමුවීම පිළිබඳව පුළුල් විමර්ශනයකට ලක් කළ යුතු බව ද රාජපක්ෂ මහතා පැවසීය.
පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ විශාල කාර්ය භාරය සිහිපත් කළ ජනාධිපතිතුමා නැවත එම වැඩපිළිවෙළ ප්‍රදේශ මට්ටමින් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම අවධාරණය කළේය.
රෝගීන් හඳුනාගත් ප්‍රදේශවලින් ජනතාව බැහැර යාම වැළැක්වීමට දැනටමත් පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ සෙසු කර්මාන්ත ශාලා සහ ආයතන අහඹු ලෙස පරීක්ෂාවට ලක් කෙරේ. පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ආයතන සේවකයන් අහඹු ලෙස පරීක්ෂාවට යොමු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
කොවිඩ් මර්දනයට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ලෙස හඳුනාගත් බොහෝ දේ ජනතාව නිසි ලෙස පිළි නොපදින බව පොලිසිය සඳහන් කළේය. පවතින නීති රීති කොවිඩ් මර්දනය ඉලක්ක කර ගනිමින් ගැසට් කිරිමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් කෙරිණ.
ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය මගින් අඛණ්ඩව සිදු කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.
ප්රතිශක්තීකරණය වර්ධනයට සහ රෝගය වැළඳුණු පිරිස ඉක්මනින් සුවපත් කිරීමට දේශීය ඖෂධවලට ඇති හැකියාව සාකච්ඡාවට ලක් විය.
ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ කොවිඩි මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

popular news
-
Mahinda Tuesday, 06 October 2020 02:08 AM
Hoda welawata verbal circular eka dunne. Naththan mun wadakaranne nahane. Mask dagenaCovid niyoga akuratama pilipadala janathwa samaga gathawu kalyema katayuthu kala nayakayek lananna pin karanna oni.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

