කෝටි 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තලෙයිමන්නාරමෙන් සොයා ගනියි
ඉන්දියාවේ සිට ඉතා සූක්ෂමව මුහුදු මාරගයෙන් තලෙයිමන්නරමට රැගෙන එමින් තිබූ රුපියල් මිලියන 79 කට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914 ක් සමගින් සැකකරුවන් සිව් දෙනෙකු අද (15) අලුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
තලෙයිමන්නාරම ඌරුමලෙයි වෙරල ප්‍රදේශයේදී උතුරුමැද නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් විසින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් ලුහුබැඳ ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී ඩිංගි යාත්‍රාව තුල මසුන් අල්ලන දැල් උඩින් දමා ඊට යටින් සඟවා තිබූ පාර්සල් 10 ක මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමෙන් අනතුරුව ඩිංගි යාත්‍රාෙව් සිටි සැකකරුවන් සිව් දෙනා සමග යාත්‍රාවද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිටි තලෙයිමන්නාරමට රැගෙනවිත් වෙනත් ප්‍රදේශයන් වෙතට ප්‍රවාහනය කිරීමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කොට තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 37 ත් අතර වයස්හි පසුවන අතර ඔවුන් තලෙයිමන්නාරම සහ ඌරුමලෙයි ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වෙයි.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සැකකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලිසියට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

