යාපනය සිට කොළඹට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකක් සහ කේරළ ගංජා කිලෝ 25 ක් සමඟින් පුද්ගලයකු අද (01) දින යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කොළඹ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත අයිස් මත්ද්‍රව්‍ය හා කේරල ගංජා ලබාදීම සඳහා පේදුරුතුඩුවේ සිට ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය හා කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් යාපනයට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවට විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පලකරති.
අත්අඩංගුවටගත් සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු හා මත්ද්‍රව්‍ය යාපනය පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.ඩි.කේ හෙට්ටිආරච්චි , සහකාර පොලිස් අධිකාරී නානායක්කාර මහත්වරුන්ගේ උපදෙස් මත යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක් කුමාර් මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම මත නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබීය.
