මන්නාරම කෝලිතුඩුවායි ප්රදේශයේ කළ වැටලීමකදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සැකකරුවකු සමඟ අද (02) අත්අඩංගුවට ගත් බව වව්නියාව පරයානම්කුලම පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අබ්දුල් සලාම් අස්මින් නමැති පෙරියකර්සල්, මන්නාරම ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වව්නියාව පරයානම්කුලම් විශේෂ කාර්ය බළකා සෙබළුන් එක්ව මෙම වැටලීම සිදුකොට තිබිණි.
අදාළ වැටලීමේදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්රෑම් 130කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මන්නාරම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පරයානම්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
