රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් 29ක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අද (16දා) කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් මගින් ඩුබායි වෙත ගොස් භාණ්ඩ රැගෙන එන ව්‍යාපාරිකයන් වන 33 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ 43 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් දෙදෙනා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ගුවන්තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ගෙන යන ට්‍රොලියක යටි පැත්තේ අලවා මෙම රන් බිස්කට් තොගය ගුවන්තොටුපොළෙන් පිටතට ගෙන යෑමට උත්සාහ දැරීමේදී ගුවන්තොටුපොළ රේගුව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද රන් බිස්කට් තොගයේ බර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 900ක් වන අතර වැඩිදුර විමර්ශන ගුවන්තොටුපොළ රේගුව සිදුකරයි.

ටී.කේ.ජී කපිල