යාපනය කුසුමන්තුරේයි මුහුදු තීරයේදී කේරලගංජා ජාවාරමේ නිරතවූවන් සොයා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා කිලෝ 103 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී ඊයේ (13) දින සිදුකරන ලද සෝදිසියකදී පුද්ගලයින් පිරිසක් විසින් ඩිංගි යාත්‍රාවක් මගින් කිසියම් ද්‍රව්‍යයක් වෙරළට රැගෙනවිත් රැගෙන යන අයුරු නිරීක්ෂණය වීමෙන් පසුව අදාල ස්ථානය වැටලීම සිදු කල අතර එහිදී සැකකරුවන් විසින් පොහොර ගෝනි දමා පැමිණි ඩිංගි යාත්‍රාවෙන් පළා යාමට උත්සාහ දරා ඇත.
අනතුරුව සැකකරුවන් විසින් දමා ගිය ස්ථානයේ පොහොර උරවල පාර්සල් 27 බහාලන ලද කේරලගංජා කිලෝ 57ක් හමු වී ඇත. එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ නාවික හමුදාව විසින් පළාගිය සැකකරුවන්ගේ ඩිංගි යාත්‍රාවන් ලුහුබැඳ සැකකරුවන් දෙදෙනෙකු සමඟින් අදාල ඩිංගි යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
එහිදී පළාගිය සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී කැලෑබඳ ප්‍රදේශයන්හි සඟවා තිබූ තවත් පාර්සල් 13ක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 46 ක් සොයාගැනීමට නාවික හමුදාව සමත් විය.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහා කේරල ගංජා කිලෝ 103 වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය ඉලවාලෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
