කොළඹ කුරුණෑගල ප්රධාන මාර්ගයේ වඳුරාගල ප්රදේශයේ දි අද ( 09) උදෑසන 8.30 ට පමණ ගිලන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය පැදවූ කාන්තාව බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි .
කුරුණෑගල සිට කොළඹ දෙසට ධාවනය වු කුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් ගිලන් රථයට ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියක් එකවරම මාර්ගය හරහා හැරවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති අතර ගිලන් රථයට හා යතුරු පැදියට දැඩි අලහාභානි සිදුවී ඇති බව පොලිසිය පවසයි . අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසියේ රථ වාහන අංශය ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
අලව්ව - අධිකාරි මුදියන්සේ
