කොළඹ හදන්න ජනපතිගෙන් සැලැස්මක්
දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු හඳුනාගනිමින් විධිමත් සැලැස්මක් සහිතව කොළඹ සංවර්ධනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
නිවාස හිඟය, කසල බැහැර කිරීමේ දුෂ්කරතා සහ ගේ දොර ජලයෙන් යටවීම දිස්ත්‍රික්කයේ ජනතාවට බලපා ඇති ගැටළු කිහිපයකි. ඒවාට විසඳුම් දෙමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට අද (28) කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් ජනාධිපතිතුමා මේ බව පැවසිය.
අපේක්ෂක ජනක රණවක නුගේගොඩ ආනන්ද සමරකෝන් රඟහල අසළ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ගැටළු සාකච්ඡා කරමින් ජනතාව සමග සුහද කතා බහක නිරත විය.
නිවාස ඔප්පු නොලැබීම, පැල්පතට විකල්පයක් ලෙස නිවාස ලබාගැනීම සහ ගංවතුර පාලනයට විසඳුමක් ලෙස කඩවත - වැල්ලවත්ත ඇල මාර්ගය පුළුල් කර පිළිසකර කිරිම යන ඉල්ලීම් අපේක්ෂක ධනසිරි අමරතුංග මහතා දෙහිවල නගර සභාව අසළ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.
අපේක්ෂක අමල් සිල්වා අත්තිඩිය ඉරිදා සතිපොළ පරිශ්‍රයේ සහ අපේක්ෂක සමන් ලාල් ප්‍රනාන්දු මොරටුව ලුණාව කලපුව අසළ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ. මොරටුව ප්‍රදේශයට විශාල ප්‍රශ්නයක් වී ඇති පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් අවසන් කර දෙන ලෙස රැස්ව සිටි පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පිළියන්දල ඔරලෝසු කණුව අසළ සහ අපේක්ෂිකා කාන්ති කොඩිකාර මහත්මිය මහරගම, නගරයේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කථා බහක නිරත විය. මහරගම, පමුණුව පදික වෙළෙඳාමේ නිරත 850ක් පමණ පිරිස වෙනුවෙන් පොදු ස්ථානයක් සකසන ලෙස යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. තමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී සැලැස්මක් සකස් කළද එල්ල වූ විරෝධතාව නිසා එය ඇණ හිටි බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම නාගරික උද්‍යානයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහා සංඝරත්නය ආශිර්වාද කළහ. දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් ස්ථාපනය කරන ලෙස රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. හෝමාගම රෝහලේ අඩු පාඩු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ.
නව හැවිරිදි රැසදි සෙත්මිණි ජයවීර දැරිය ගායනා කළ කවියකට සවන් දුන් ජනාධිපතිතුමා ඇය ඇගයීමට ලක් කළේය.
අපේක්ෂක ප්‍රදීප් උඳුගොඩ බෝමිරිය කිංස්ලී ටී වික්‍රමරත්න ක්‍රීඩාංගණයේ සහ අපේක්ෂක මහේෂ් අල්මේදා හංවැල්ල නව පොළ පරිශ්‍රයේ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

popular news
-
Ayiyo Nande Wednesday, 29 July 2020 04:16 AM
Ninden awadiwanu mana Nandasena. Dan oba Janapathi kolaba hadanna neme othanata induwe "rata hadanna". Rata hadanawa kiuwe kunu iwathkarala malpochchi thiyans eka neme. Hamudawata sambanda obata karanna puluwan pradanama de thama prorondu una samata eka neethiya athikireema. Eka koranna bari oya nodanna Architecturing, engineering, financial protocols, economic theories wage magic katha kiyala apiwa hinassanna epa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
