කොළඹ දිස්ත්‍රික්කය තුළ එක්සත් ජාතික පක්ෂයට 5%ක ඡන්ද පදනමක් ඉක්මවා යා නොහැකි තත්ත්වයක් තුළ අනීතික හා ව්‍යවස්ථා විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණන් කිරීමට එම පක්ෂෆය් නීති අංශය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය නිවේදනය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මැතිවරණ නීතිය ප්‍රකාරය මැතිවරණයක්දී මන්ත්‍රී අසුනකට හිමිකම් කීමට හැක්කේ 5%ක අවම ප්‍රතිශතයක් ලබා ගන්නා කණ්ඩායමට හෝ පක්ෂයකට පමණක් බවත් එම පක්ෂය සඳහන කරයි.
සමස්ත දිස්ත්‍රික්ක ප්‍රතිඵලය මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් බෙදූ විට ලැබෙන සම්ප්‍රයුක්ත කොටස ඉලක්ක කරගෙන මෙසේ මනාප ගණන් කරීමේ උත්සාහයක් පවතින බවයි.