කොළඹ නුවර පාර කඩුගන්නාවෙන් පැය 7ක් වැසෙයි
- 23 11 2026
- 17:48
- {{hitsCtrl.values.hits}} views
- ..
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළම - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) අලුයම 6.00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය කර තිබේ.
ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂිතව සිදු කිරීම සහ ඊට අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මෙම කාලසීමාව තුළ එම මාර්ගය භාවිත කිරීමට අපේක්ෂා කරන රියදුරන් සහ මහජනතාව මේ පිළිබඳව අවධානය යොමු කර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
