වැඩ කළ හැකි බව දන්නා නිසා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තමන්ට එරෙහිව බොරු ප්‍රචාර ගෙනියන බවත් කොළඹ පවතින සෘජු විදේශ ආයෝජන ගෙන ආවේ තමන්ගේ මැදිහත්වීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
බදුල්ලේ ඊයේ (20දා) පැවැති වියත්මග වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අපි කාටවත් බැන බැන හිටියේ නෑ. අපිට වැඩ කරන්න තිබුණා. අපිට අභියෝග තිබුණා. අපි විරුද්ධ පක්ෂයට බැන බැන සිටියේ නෑ. අපිට ඕන වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්.
ප්‍රතිපත්ති හඳුනාගෙන, අභියෝග හඳුනාගෙන ඒ අභියෝගවලට සුදුසු ප්‍රතිපත්ති හදලා අපි ඒකයි වියත්මග පටන් ගත්තේ. අවසාන මොහොත වෙනකම් ඉදලා බලය අරගෙන ප්‍රතිපත්ති හදන්න නෙමෙයි.
දැන් මමලු වයිට් වෑන් සංස්කෘතිය ගෙනාවේ. අද ආරක්ෂාව මේ රටේ සම්පූර්ණයෙන්ම නැති කරලා. සංවර්ධනය කරන්න නම් රට ස්ථාවර කරන්න ඕන. රටේ ආරක්ෂාව තියෙන්න ඕන.
කොළඹ කොටුවේ තියෙන සියලුම ආයෝජන ගෙනාවේ මම ලේකම්වරයා ඉන්න කාලසීමාවේ. මම සෘජුවම මැදිහත්වෙලයි මම ආයෝජන ගෙනාවේ.
මංගල සමරවීර ඇමතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාලයේදී පෝස්ටර් ඇලෙව්වේ, විශාල ප්‍රතිචාර ගෙන ගියේ එතුමා.
නමුත් ඊයේ පෙරේදා කියලා තියෙනවා එහෙම කළේ රනිල්ට වැඩ කරන්න පුළුවන් බව දන්න නිසා කියලා. ඒක නිසා තමයි මම බොරු ප්‍රචාර ගෙනිච්චේ කියලාං. එහෙනම් ඉතින් මටත් වැඩ කරන්න පුළුවන් බව දන්නා නිසා තමයි ඔය බොරු ප්‍රචාර ගෙනියන්නේ.”