කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (11දා) ඇතිවූ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 153 කට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව හෝමාගම නිවාස 75ක්, දෙහිවල නිවාස 15ක්, රත්මලාන නිවාස 20ක්, පිළියන්දල නිවාස 05 ක්, මහරගම නිවාස 15 ක්, කැස්බෑව නිවාස 15 ක්, මොරටුව නිවාස 07 ක් ඇතුළුව ප්‍ර‘දේශ ගණනාවකින් නිවාස හානි වාර්තා වී තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ආපදා තත්ත්වයන් පිළිබඳව යම් ගැටලුවක් පවතී නම් 117 දුරකථන අංකයට අමතන ලෙසත් හානි වූ නිවාසවලට වන්දි ලබාදීමට අදාළ තක්සේරු කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද ඔහු පවසා සිටියේය.
