අත්‍යවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (27දා) උදේ 9.00 සිට 3.00 දක්වා කාලය තුළ කොළඹ 3, 4, 5, 7 සහ 8 යන ප්‍රදේශවලට විදුලිය විසන්දි කරන බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.
මීට අමතරව මේ මස 31 වන දින දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවලට වරින්වර විදුලිය විසන්දි වීම් සිදුවිය හැකි බවද එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
