කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට
කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව පොලිස් වසම් තුළ සිදුකළ අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් වෙන තාරක පොරේරා නොහොත් කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බස්නාහිර පළාත් උතරු අපරාධ අංශයේ අත්අඩංගුවේ පසුවූ සැකකරු අද අලුයම් කාලයේදී මීරිගම රේන්දපොල ප්‍ර දේශයට යම්කිසි මෙහෙයුමක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියකදී සැකකරු මියගොස් තිබේ.
මෙහිදී පොලිසීය විසින් ගිනි අවි මගින් බලය භාවිත කිරීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු මිරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මෙහිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ද තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ. මේ පිළිබඳව විශේෂ විමර්ශයක් පැවැත්වීමට නියමිත අතර අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
අවුරුදු 34ක් වන සැකකරු විවිධ ප්‍රෙද්ශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන 7 ක් හා කොල්ලකෑම් 22කට සම්බන්ධ සැකකරුවෙක් සැකකරුවෙක් වෙයි.
එසේම 2017 වර්ෂයේදී ස්වර්ණාභරණ කඩයක් කොල්ලකෑමකට යාමේදී සැකකරු විසින් පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර කර තිබේ.

popular news
-
saman Thursday, 13 May 2021 07:31 AM
ලංකා ඊ නිව්ස් -2021.මැයි.12, ප.ව.7.45) කොස්ගොඩ තාරක අද රාත්‍රීයේ ආයුධ පෙන්වීමට කියා රැගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට නියමිත බව ලංකා ඊ නිවුස් වෙත වාර්තා විය. කොස්ගොඩ තාරක දීර්ඝ කාලයක් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පසුවිය. මීට ස්වල්ප මොහොතකට පෙර කොස්ගොඩ තාරක දේශබන්දු තෙන්නකොන්ගේ ''හිට් ස්කොඩ්'' එකක් වෙත බාර දී ඇත.
Reply : 0 1
Nandana Thursday, 13 May 2021 03:02 PM
Mini maruwanta chandinta mankolla karayanta dushakayanta pathalayo Kiyana unta kudu gennana unta saha anekuth apathyanta hoda daduwama meka thmai
Reply : 0 0
Demuni Uduwara Thursday, 13 May 2021 10:24 PM
As per the script drama ended. We know well what happened to Anura Senanayaka.
Reply : 0 0
Dr.Lakshman Fernando Friday, 14 May 2021 07:06 PM
Grate. Any how required to give the punishment to THUGS. Sajith taken very big pain on this killings.
Reply : 0 0
සාගර Monday, 17 May 2021 07:37 PM
උන්ව මරන්නම ඕනේ තමන්ගේ දරුවන් බිරිද සැමියා මැරෙනකොට තමයි දැනෙන්නේ උන් රටට වැඩක් නෑ කියලා පාතාලෙ එවුන් මොකටද අහිංසක සිවිල් වැසියන් බව කරගෙන ඉන්න එවුන් මොකටද කවුරුත් ජීවත් වෙන්න ඕනේ සාමදානයෙන් චන්ඩි මොකටද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

