කොවිඩ් හැඳුණ අයට ඔමික්‍රොන් හැදෙන්න පුළුවන්?
ඔමික්‍රෝන් කෝවිඩ් ප්‍රභේදය තිබෙන රටවල් වල සංචාරකයන් මෙරටට ඇතුලු කර ගැනීම පසුගිය 28 දා සිට නතර කර තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
එමෙන්ම එම රටවල් වලින් සංචාරකයන් පසුගිය දින 14 කාලය ඇතුලත මෙරටට පැමිණ සිටීද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් පවත්මින් සිටින බව 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ හත්වන දිනය සඳහා ඊයේ(30දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
මේ අතර ශ්‍රී ලංකාව කෝවිඩ් 19 මර්ධනයට සාර්ථකව එන්නත්කරණය කළ රටක් ලෙස පැවසිය යුතු බවද ඇය සඳහන් කළාය.
“කොරෝනා කියන්නේ ගෝලීය වසංගතයක්. ගෝලීය වසංගතයේ සෑම රටකටම විවිධාකාර ලෙස බලපෑම් ඇති කරනවා. අපි කෝවිඩ් පාලනය කරගෙන සාර්ථකව එන්නත්කරණය කර ගත්තත් නැවත ඔමික්‍රෝන් කියන ප්‍රභේදය වාර්තා වෙලා තිබෙනවා දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් කිහිපයකින්. මේ වන විට රටවල් 15ක විතර මේ ප්‍රභේදය ගිහින් තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගත්තට අපි තවම දන්නේ නෑ මේකේ පැතිරීම ඉතාමත් වේගවත්ව වෙනවාද කියලා. තවම අලුත් වෛරස් එකක්. ඒ වගේම රෝගයේ බරපතලකම, රෝගයෙන් මරණයට පත් කරන්න පුලුවන් අවධානම කොහොමද දන්නේ නෑ. තවමත් ඩෙල්ටා ප්‍රභේදය තමයි වැඩිපුරම තිබෙන ප්‍රභේදය.
අනුමානය කරනවා කෝවිඩ් ආසාදනය වුණු අයට මේ නව ප්‍රභේදය ආසාදනය වෙන්න පුලුනක් කියලා. එන්නත් සාර්ථකද නැද්ද කියන්න කල් වැඩියි. රටවල් ලෙස අපි දිගටම මේ ආවේක්ෂණ ක්‍රම කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මුව ආවරණය පළදින්න. මීටරයක දුර තියාගන්න. අත් දෙක පිරිසිදුව තියා ගන්න. අනවශ්‍ය ලෙස සෙනග ඒකරාශී වන තැන් වලට යන්න එපා වගේම එන්නත් ලබා ගන්න කියනවා. ඒ වගේම අද අපේ රට එන්නත්කරණය අතින් බොහෝම සාර්ථක රටක්. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා කිව්වට අපි ප්‍රමාද වුණා කියලා අපි සැලසුම් කරලා තිබුනේ මාර්තුවේ පටන් ගන්න.
මේ වන විට ජනගහණයෙන් පළවෙනි මාත්‍රාව 72.7%කට, දෙවැනි මාත්‍රාව 62.7ත් ලබාගෙන තිබෙනවා. මේ වන විට ජනගහණයෙන් 62.7ක් කෝවිඩ් මර්ධන එන්නත් දෙකම ලබාගෙන තිබෙනවා. මම හිතන්නේ අපි ඉතාමත් සාර්ථකව මෙම එන්නත්කරණය කරපු රටක් බව අපි කියන්න ඔ්නී. ඒ වගේම 16 වැඩි ජනගහණය ගත්තම 84%ට අපි මාත්‍රා දෙකම ලබා දීලා තිබෙනවා.”
popular news
-
Demuni Uduwara Tuesday, 30 November 2021 11:31 PM
You crow about the vaxed results but we are the highest in Covid deaths per million in South Asia !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

