බස්නාහිර පළාත තුළ මහජනතාව නිසි ලෙස සෞඛ්යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරික්ෂා කිරිමට හා සෞඛ්යාරක්ෂිත උපදෙස් .දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනිම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව ඊයේ දිනයේ නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ෙනාමැතිව හැසිරුණු පුද්ගලයින් සේම නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකළ මගි බස්රථද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරින් 437 දෙනෙකුගෙන් සහභාගිත්වයෙන් සිදු කරන ලද අතර එහිදි මගි ප්‍රවාහන බස් රථ 998ක් හා වායුසමනය කළ බස් රථ 207ක් සහ සිල්ලර වෙළෙඳසැල් ඔසුසැල් සහ වෙනත් කුඩා වෙළෙඳසැල් 1290ක්ද මෙහිදි දැඩි සෝදිසි කිරිම්වලට හසුවු බවයි පොලීස් මාධ්‍ය අංශය සඳහන් කළේ.